ශ්‍රී ලංගමයේ අතිරික්ත සේවකයන් අඩු කිරීම ගැන එජාප, නිදහස් පක්ෂ වෘත්තීය සමිති කඹ අදී

Thursday, 24 September 2015 - 13:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%2C+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%B9+%E0%B6%85%E0%B6%AF%E0%B7%93
ශ්‍රී ලංගමයේ 11,535ක් පමණ වන අතිරික්ත සේවකයින් අඩු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යෝජනා කර ඇති වන්දි ලබාදී සේවකයින් ඉවත් කිරීමේ ක්‍රමවේදයට ජාතික සේවක සංගමය විරෝධය පළ කරනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සිටිය යුතු සේවකයින් සංඛ්‍යාව 25,000ක් පමණ වුවත් දැනට එහි සේවකයින් 36,535ක් සිටිනවා. ඒ අනුව එය 11,535ක සේවක අතිරික්තයක් බවයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. මේ නිසා ස්වේච්ඡා වන්දි ක්‍රමයක් හරහා සේවකයින් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යෝජනා කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බව ලේකම්වරයා සදහන් කළා. ශ්‍රී ලංගමය දීර්ඝ කාලයක් තිස්සේ මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින අතර, විශ්‍රාම ගිය සේවකයින් වෙනුවෙන් රුපියල් බිලියන 12ක් පමණ සේවක අර්ථසාධක අරමුදල් ගෙවීමට නියමිතව තිබෙන බවයි ප්‍රවාහන ලේකම්වරයා සඳහන් කළේ.

පවතින තත්ත්වය මත රියදුරන් සහ කොන්දොස්තරවරුන් හැර වෙනත් සේවකයින් බදවා නොගන්නා ලෙසට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංගම බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ප්‍රවාහන ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.                               

වන්දි ලබාදී ස්වේච්ඡාවෙන් සේවකයින් ඉවත් කිරීම සඳහා කර ඇති යෝජනාව පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය ශ්‍රී ලංගමයේ වෘත්තීය සමිතිවලින් විමසීමක් කළා. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ ජාතික සේවක සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, සුනිල් සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තම සංගමය මෙම යෝජනාවට විරෝධය පළ කරන බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතියේ ප්‍රධාන ලේකම් තිලක් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ ශ්‍රී ලංගමයේ අතිරික්ත සේවකයින් ඉවත් කළ යුතු බවයි. සාධාරණ වන්දි මුදලක් ලබාදී සේවකයින් ඉවත් කරන්නේ නම්, තම සංගමය එම යෝජනාවට සහාය පළ කරන බව ඔහු කියා සිටියා.