Update: මක්කම භූමිය අසල තෙරපීමෙන් මිය ගිය සංඛ්‍යාව 717ක් - ලාංකිකයන්ට අනතුරක් නැහැ

Thursday, 24 September 2015 - 14:14

Update%3A+%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B6%B4%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+717%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත තෙරපීමකින් සිදුවූ අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නැතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවත්, සිද්ධියෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැතිමතුන් සිටීදැයි සොයා බැලීම සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂ සත්‍යා රොද්‍රිගු කියා සිටියේ.

සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත හජ්ජි උත්සවය සමරමින් සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 717 දෙනෙකු මියගොස් 800 ට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය පවසනවා. මක්කම පූජා භූමියේ සිට කිලෝමීටර් 5 ක් දුරින් පිහිටි මීනා ප්‍රදේශයේ අංක 204 වීථියේදී මෙම අනතුර සිදුවුණා. මෙම වීථියේ, මක්කම වන්දනාව සඳහා පැමිණි බැතිමතුන් ලැගුම්ගෙන සිටි කූඩාරම් එක්ලක්ෂ 60,000 ට ආසන්න ප්‍රමාණයක් ඉදිකර තිබූ බව සඳහන්. එහි සිටි බැතිමතුන් අතර ඇති වූ තෙරපීමකින් මෙම අනතුර සිදුව ඇති බවයි සෞදි සිවිල් ආරක්ෂක අධිකාරිය පවසන්නේ. හජ්ජි වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් වැඩි වශයෙන් මීනා ප්‍රදේශය වෙත පැමිණෙන්නේ එහි තිබෙන ගල් තාප්පයකට කුඩා ගල් කැබලිවලින් පහරදීමේ සිරිත ඉටු කිරීමටයි. එය යක්ෂයාට පහරදීමක් බවටයි බැතිමතුන් විශ්වාස කරන්නේ.



Update: Thursday, 24 September 2015 - 18:40
-------------------------------------------------------

මක්කම භූමිය අසල අනතුරේන් මරණ 310යි - ශ්‍රී ලාංකිකයින් සිටියිදැයි සොයයි


සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත තෙරපීමකින් සිදුවූ අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් සිටින බවට මෙතෙක් වාර්තා වී නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. කෙසේ වුවත්, සිද්ධියෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර ලබන රෝහල්වල ශ්‍රී ලාංකික ඉස්ලාමීය බැතිමතුන් සිටීදැයි සොයා බැලීම සඳහා සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන මාධ්‍ය අධ්‍යක්ෂ සත්‍යා රොද්‍රිගු කියා සිටියේ. මක්කම සිට කිලෝමීටර් 5 ක් ඈතින් පිහිටි මීනා ප්‍රදේශයේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් සංඛ්‍යාව මේ වනවිට 310 දක්වා ඉහළ ගොස් තිබෙනවා.





















Update: Thursday, 24 September 2015 - 15.08
------------------------------------------------------

සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත හජ්ජි උත්සවය සමරමින් සිටි බැතිමතුන් පිරිසක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 220 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. තවත් පුද්ගලයින් 450 ට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මක්කම පූජා භූමියේ සිට කිලෝමීටර් 5 ක් දුරින් පිහිටි මීනා නම් ස්ථානයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට සහ තුවාල ලැබූ තවත් බැතිමතුන් සිටීදැයි සොයා බැලීම සඳහා මේ වනවිට මීනා ප්‍රදේශයට විශේෂ සහන කණ්ඩායම් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයින් ද පැමිණ සිටින බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසනවා.



Thursday, 24 September 2015 - 14:53
-----------------------------------------------

හජ් සැමරීමට මක්කමට ගිය 150ක් මරුට

සෞදි අරාබියේ මක්කම භූමියෙන් පිටත හජ් උත්සවය සැමරීමට ගිය බැතිමතුන් 150දෙනෙකු තෙරපීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 400ක් තුවාල ලබා ඇති බවයි.





මේ පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරෛාත්තු වන්න....