දෙමුහුන් මිශ්‍ර යාන්ත්‍රණය ගෙනාවේ මහින්ද

Thursday, 24 September 2015 - 19:17

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
දෙමුහුන් මිශ්‍ර යාන්ත්‍රණයක් මුලින්ම ඇති කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලයට පසුගියදා ඉදිරිපත් කෙරුණු වාර්තාව පිළිබඳ ජාතික හෙළ උරුමයේ මතය පැහැදිලි කිරීම සඳහා කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, අභිචෝදකයන් හෙවත් චෝදනා නගන්නන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම අදාළ වාර්තාවෙන් ශ්‍රී ලංකාවට නිර්දේශ කළා. කෙසේ වෙතත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ කුමන විමර්ශනයක් පැවැත් වූවද එය මෙරට ව්‍යවස්ථාවට සහ නීති පද්ධතියට අනුකූල විය යුතු බවයි.

මේ අතර ,ඇමරිකානු එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ යෝජනාවලිය  ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට අද භාරදීමට නියමිතව තිබෙනවා. මෙම යෝජනාව පසුගිය සිකුරාදා ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරයේදී සාමාජික රටවල් අතර බෙදාහැර තිබුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට එරෙහිව පැවති චෝදනා කිහිපයක් පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු වාර්තා මගින් ප්‍රතික්ෂේප වී ඇති බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක තවදුරටත් කියා සිටියේ.