ඇමරිකානු යෝජනාවට ශ්‍රී ලංකාවේ සම-සත්කාරකත්වය

Friday, 25 September 2015 - 8:26

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93++%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A++%E0%B7%83%E0%B6%B8-%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA
ඇමරිකාව ඇතුලූ රටවල් 4 ක් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවේ සමසත්කාරකත්වය දැරීමට ලක් රජය සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම යෝජනාව මගින් ශ්‍රී ලංකාවට මෙතෙක් පැවති බලවත් පීඩනයක් ඉවත්වී ඇති බවයි.

 එමෙන්ම මෙම වර්ධනයන් තුළින් ශ්‍රී ලංකාවට අනාගතය සඳහා විශ්වාසයෙන් යුතුව මුහුණදිය හැකි බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (24) සන්ධ්‍යාවේ කොළඹ පැවති සිමා හෙවත් කළමනාකාරීත්ව ගණකාධිකරණ වරලත් ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාවේ 50 වන සංවත්සරයට සහභාගි වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා....

‘‘මේ අවස්ථාවේ මම කියන්න කියන්න කැමතියි ශ්‍රී ලංකාවද, ජිනීවා මණ්ඩලයට ඉදිරිපත් කළ ඇමරිකානු යෝජනාවේ සමසත්කාරකත්වය දරණ බව.. එහි පිටපතක් අපට ලැබී තිබෙනවා. එමඟින් අපට මෙතෙක් තිබූ පීඩනය ඉවත් වී ඇති බවයි පෙනී යන්නේ.

ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා අප ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩනගමින් සිටින බව. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා අපේ කැපවීම ඔවුන් පිළිගෙන තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විනිශ්චයට සකස් කෙරෙන්නේ දේශීය අධිකරණ යාන්ත්‍රණයක්. ඒ සඳහා විශේෂ මණ්ඩලයක් මෙන්ම ජාත්‍යන්තර විනිසුරුවන්ගේ සහ නීතිවේදීන්ගේ සහය ලබාගත හැකියි.

එහෙත් ඒ සියල්ල සිදු කෙරෙන්නේ මෙරට ව්‍යවස්ථාවට එකඟව සහ ශ්‍රී ලංකාවේ නීතියට අනුකූලවයි. එමෙන්ම මේ අවස්ථාවේ කිවයුතු තවත් කරුණක් නම් අප දේශපාලන විසඳුමක් ගෙනඒමට කටයුතු කරන බව. වර්තමානයේ වර්ධනයන් තුළින් පසුගිය වසර 5 ක් 6 ක් අතර කාලය තුළ ශ්‍රී ලංකාවට පැවති විශාල පීඩනයක් ඉවත්වී තිබෙනවා. මේ නිසා අපට අනාගතයට විශ්වාසයෙන් මුහුණදිය හැකියි.’’