හම්බන්තොට - කටුවැවදී වන අලි ප්‍රහාරයකින් මෝටර් රථයකට හානි

Friday, 25 September 2015 - 10:28

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+-+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92
කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ හම්බන්තොට - කටුවැව ප්‍රදේශයේදී වන අලියෙකු මාර්ගයට පැමිණ එහි ගමන් කළ මෝටර් රථයකට ඊයේ (24) රාත්‍රියේ පහර දී දැඩි ලෙස අලාභ හානි සිදුකර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ එම අවස්ථාවේදී මෝටර් රථයේ තුන් දෙනෙකු ගමන් කර ඇති අතර, පහරදීමෙන් කුඩා දරුවෙකු සහ කාන්තාවක් තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කළ බවයි. ඔවුන් සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කතරගම බලා යන අවස්ථාවේදී  අනතුරට මුහුණ පා ඇත්තේ.

පසුගිය 11 වනදා ද හම්බන්තොට - කෑලියපුර ප්‍රදේශයේදී වන අලියෙකු මාර්ගයේ ගමන්ගත් ත්‍රී රෝද රථයකට පහර දී තිබුණා. එහිදී ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ මව, පියා සහ දරුවෙකු සිද්ධියෙන් තුවාල ලැබුවා.

හම්බන්තොට - කතරගම මාර්ගයේ වන අලින් සැරිසැරීම සම්බන්ධයෙන් මීට පෙරද හිරු ප්‍රවෘත්ති අනාවරණ කර තිබුණේ මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලයන්ට අනතුරක් විය හැකි බව ප්‍රකාශ කරමින්.