Update : පනාගොඩ දරුවාගේ ඝාතනයේ 50ක සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 25 September 2015 - 14:44

Update+%3A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+50%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ නිවස අසල තවත් වසා දැමූ නිවසක තිබී  දරුවාගේ සිරුර හමුව තිබුනා.

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ (25) පෙරවරු කාලයේදීයි.

කවිඳුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පියාගේ සොහොයුරාට අයත් ගල් වැඩපලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව තිබුණා. සැකකරු, ඝාතනය සිදුකළ නිවසේ රැඳී සිට ඇති බවටද තොරතුරු ලැබී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.  

කෙසේ වෙතත්,  සැකකරු පසුව ප්‍රදේශයෙන් පලාගොස් තිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා තිබුණා. ඉන් එක් පොලිස් කණ්ඩායමක් අද (26) සවස සැකකරු බියගම - බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි අතුරුගිරිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ.


UPDATE-------------------------------------

පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ 50 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ (25) පෙරවරු කාලයේදීයි. පසුව ඔහුගේ නිවස අසල - වසා දැමූ නිවසක තිබී දරුවාගේ සිරුර සොයා ගත්තා.

Update : Saturday, 26 September 2015 - 15:43
-------------------------------------------------------

පනාගොඩ දරුවාගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශ 7ක් ලබා ගැනේ

පනාගොඩ - කපුරුගොඩ පාරේ පදිංචිව සිටි 10 හැවිරිදි දරුවාගේ ඝාතනයට සම්බන්ධයෙන් මව, පියා ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙන බවයි පොලීසිය කියා සිටියේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10 ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ (25) පෙරවරු කාලයේදීයි. පසුව ඔහුගේ නිවස අසල තවත් වසා දැමූ නිවසක තිබී මෙම දරුවාගේ සිරුර සොයා ගත්තා.

පොලිසිය ප්‍රකාශ කළේ කවිඳුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පියාගේ සොහොයුරාට අයත් ගල් වැඩපලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවයි. සැකකරු, ඝාතනය සිදුකළ නිවසේ රැඳී සිට ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.

Update : Saturday, 26 September 2015 - 13:08
---------------------------------------------
පනාගොඩ දරුවා ඝාතනය කළ සැකකරු සොයා පොලිස් කණ්ඩායම් දෙකක් විශේෂ මෙහෙයුමක

පනාගොඩ - කපුරුගොඩ පාරේ පදිංචිව සිටි 10 හැවිරිදි දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළා.  

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10 ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ ඊයේ පෙරවරු කාලයේදීයි. පසුව ඔහුගේ නිවස අසල තවත් වසා දැමූ නිවසක තිබී මෙම දරුවාගේ සිරුර සොයා ගත්තා.

දරුවා ඊයේ පාසල් නොගිය නිසා පියා සමඟ නිවසේ රැඳී සිට ඇති අතර, මව වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. පසුව ළමයා පිළිබඳ විපරම් කිරීමේදී දරුවා නිවසේ නොසිටි බව දැනගත් පියා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදීයි නිවස ආසන්නයේම පිිහිටි වසා දැමූ නිවසේ තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ කවිඳුගේ සිරුර සොයා ගෙන තිබුණේ. පොලිසිය ප්‍රකාශ කළේ කවිඳුගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගේ සොහොයුරාට අයත් ගල් වැඩපලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවයි. සැකකරු, ඝාතනය සිදුකළ නිවසේ රැඳී සිට ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා.

Update : Saturday, 26 September 2015 - 7:37
-------------------------------------------------
පනාගොඩදී දස හැවිරිදි දරුවෙකු කපාකොටා ඝාතනය කරයි

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි වයස අවුරුදු 10 ක පිරිමි දරුවෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද (25) දහවල් පොලිසියට ලැබුණු තොරතුරක් මත නිවස අසල පිහිටි තවත් පාළු නිවසක තිබී කවිඳු දේවින්ද කපුරුගේ නමැති මෙම දරුවාගේ සිරුර සොයා ගත් බවයි. ඝාතනය සිදුවූ ආකාරය මෙතෙක් හෙළි වී නොමැති බව පොලිසිය කියා සිටියා. කෙසේ වෙතත්, අතුරුගිරිය පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම පිරිමි ළමයා අද (25) දිනයේ පාසල් ගොස් නොමැති බව පරීක්ෂණ වලදී අනාවරණ වූ බවයි.

අද නිවසේ රැදී සිට ඇත්තේ දරුවාගේ පියා සහ දරුවා පමණයි. එම අවස්ථා වනවිට දරුවාගේ මව වෛද්‍ය මධ්‍යස්ථානයකට ගොස් තිබුණේ අසනීප තත්ත්වයක් හේතුවෙන්. ළමයා පිළිබඳ විපරම් කිරීමේදී දරුවා නිවසේ නොසිටි බව දැනගත් පියා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ඒ පිළිබඳව සොයා බලා තිබෙනවා. එම අවස්ථාවේදී නිවස ආසන්නයේම පිිහිටි පාළු නිවසක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ කවිඳුගේ සිරුර සොයා ගෙන ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කළ වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ ඝාතනයට අදාළව දරුවාගේ පියාගේ සොහොයුරෙකුට අයත් ගල්වලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසියට සැක මතුව ඇති බවයි.









ඡායාරූප - තිලක් ඇල්විටිගල