ලක්ෂ 250ක මත් කුඩු සමඟ ලොක්කෝ 5ක් අත්අඩංගුවට

Friday, 25 September 2015 - 18:15

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+250%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9D+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 5 දෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් වත්තල ප්‍රදේශයේදී අද (25) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 250 ක් පමණ වටිනා මත්කුඩු කිලෝග්‍රෑම් දෙකහමාරක් ද සමඟයි. දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරුවන් භාරයේ තිබූ රුපියල් ලක්ෂ 4 ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා.