Update: ජනපති - ජගත් මහලේකම් හමුවෙයි

Saturday, 26 September 2015 - 8:34

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සඳහා සහභාගි වීමට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (26) තවත් ද්වීපාර්ශවික සාකච්ඡා  කිහිපයකට එක්වනවා. ඒ ජගත් මහලේකම් බෑන්කී මූන්, පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා, පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ මෝල්ටා අග්‍රාමාත්‍යවරයා සමඟයි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය ඊයේ ආරම්භ වූ අතර ඊයේ දිනයේදී ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර  මෝදි, ස්විස්ටර්ලන්ත ජනාධිපතිනි සිමොනිටා සොමරීගා මෙන්ම, අන්තර් ජාතික රතු කුරුස සංගමයේ සභාපතිවරයා ද හමුවුණා.

ශ්‍රී  ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර නිව්යෝක්නුවර දී සිදුවූ හමුව සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එමින් හින්දු පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාව, යුක්තිය සෙවීම වෙනුවෙන් දරණ ප්‍රයත්නයට ඉන්දියාවේ පූර්ණ සහාය හිමි වන බවයි. එමෙන්ම ශ්‍රී  ලංකාවේ ස්වෛරීභාවයට ඉන්දියාව අඛණ්ඩව ගරු කරන බවත්, අග්‍රා මාත්‍ය මෝදි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අවධාරණය කර තිබෙනවා.

ස්විස්ටර්ලන්ත ජනාධිපතිනිය සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන්වලට පූර්ණ සහය ලබාදෙන බවයි. පැවති අඩුපාඩු නිවැරදි කර ගනිමින් කටයුතු කිරීමට වත්මන් රජය සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම සාකච්ඡාවලදී අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.  



Update : Saturday, 26 September 2015 - 19:24
-------------------------------------------------------

ජනපති අද ජගත් මහලේකම්වරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරය ඊයේ පස්වරුවේ ඇමරිකාවේ නිව්යෝක් නුවරදී ආරම්භ වුණා. ඒ, අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන්ගේද සහභාගීත්වයෙන්. රාජ්‍ය නායකයින් රැසක්ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයේ ආරම්භය සඳහා එක්ව සිටියා. අතිඋතුම් ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් මහා මණ්ඩල සැසිවාරය ඇමතූ පළමු පාප් වහන්සේ ලෙසද ඉතිහාසයට එක්වීම විශේෂත්වයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළැඹෙන 30 වනදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතයි.

මේ අතර, ජනාධිපතිවරයා සහ ජගත් මහලේකම් බෑන් කී මූන් අතර හමුවක් මෙන්ම පොදුරාජ්‍ය මණ්ලීය මහලේකම්වරයා අතර හමුවක් ද අද සිදුවනවා. ජනාධිපතිවරයාගේ නිව්යෝක් සංචාරය පිළිබඳව එහි සිට තොරතුරු ගෙන එන හිරු විශේෂ වාර්තාකරු හිෂාන් වැල්මිල්ල සඳහන් කළේ ජනාධිපතිවරයා ඊයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ද මුණ ගැසුණු බවයි.