යුක්තිය සෙවීමට ලංකාවට පූර්ණ සහයෝගය දෙනවා - මෝදි

Saturday, 26 September 2015 - 13:00

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනය උදෙසා ඉන්දියාවට සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කළ හැකි බව ජගත් සංවිධාන මහලේකම් බෑන් කී මූන් පවසනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ඉන්දියාවට දිරිගැන්විය හැකි බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ දී ඊයේ හමුවූ අවස්ථාවේ මහලේකම්වරයා පවසා ඇත්තේ. ජගත් සංවිධාන මහලේකම්වරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙලෙස හමුවූයේ ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වැනි සැසි වාරයට සමගාමීවයි.

එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් ද ඊයේ නිව්යෝක් නුවර දී සිදුවුණා. එහිදී දෙරටේ සබඳතා පිළිබඳව ඔවුන් දෙදෙනා සාකච්ඡා කර ඇති අතර ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බව ඉන්දීය වාර්තා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර නිව්යෝක්නුවර දී සිදුවූ හමුව සම්බන්ධයෙන් වාර්තාවක් ගෙන එමින් හින්දු පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාව, යුක්තිය සෙවීම වෙනුවෙන් දරණ ප්‍රයත්නයට ඉන්දියාවේ පූර්ණ සහාය හිමි වන බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට ඉන්දියාව අඛණ්ඩව ගරු කරන බවත්, අග්‍රාමාත්‍ය මෝදි, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත අවධාරණය කර තිබෙනවා.

එම අවශ්‍යතාවන් සපුරාලන විසදුමක් කරා යාමට ශ්‍රී ලංකාව සමත් වනු ඇති බව අග්‍රාමාත්‍ය මෝදිගේ විශ්වාසය යැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක විකාශ් ස්වරූප් සදහන් කළා.

මේ අතර, ජගත් සංවිධාන මහලේකම්වරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ද අද නිව්යෝක් නුවර දී සිදුවනවා.