දිස්ත්‍රික්ක 7කට නායයාමේ අවදානමක්

Saturday, 26 September 2015 - 21:51

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 07කට නායයෑමේ අවදානමක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව වර්ෂාව ඇද හැලූනහොත් බදුල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කවලට නායයෑම්, පස්කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීමේ අවදානමක් පවතින බවයි.  

මේ අතර වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින දෙක තුළ දිවයින පුරා දැඩි වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

Update : Sunday, 27 September 2015 - 07:20
-------------------------------------------------------

අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානමක් ප්‍රකාශයට පත් කරයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ ඉදිරි පැය  24ක කාලයක් සඳහා මෙම අවදානම් තත්වය බලපැවැත්වෙන බවයි.

නායයාමේ අවදානම ප්‍රකාශයට පත්කළ දිස්ත්‍රික්ක

01 බදුල්ල
02 කෑගල්ල
03 රත්නපුර
04 කළුතර
05 ගාල්ල
06 මාතර
07 හම්බන්තොට