Update: ගාලූ මුවදොරින් මතු වූ කාලතුවක්කුව ඉංග්‍රීසි පාලන සමයට අයත් බවට සැක

Saturday, 26 September 2015 - 23:03

Update%3A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%83%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
කොළඹ - ගාලූ මුවදොර ඉදිරිපිට පිහිටි පැරණි යුද හමුදා මූලස්ථාන භූමියෙන් හමුවූ කාලතුවක්කු බඳ කොටස ඉංග්‍රීසි පාලන යුගයට අයත් බවට සැකකෙරෙන බව යුද හමුදාව පවසනවා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශයේ නිලධාරින් ද පරීක්ෂණ සඳහා මේ වනවිට එම ස්ථානයට පැමිණ ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ. මෙය ශ්‍රී ලංකාව යටත් විජිතයක්ව පැවති සමයේ ඉංග්‍රීසි හමුදා භාවිතා කරන ලද ඉපැරණි කාලතුවක්කුවක බඳක කොටසක් බවයි සැක කෙරෙන්නේ.

ගාලූ මුවදොර ඉදිරිපිට පිහිටි පැරණි යුද හමුදා මූලස්ථාන භූමියේ පෞද්ගලික සමාගමක් මගින් සිදුකරමින් තිබූ ඉදිකිරීම් කටයුත්තක් අතරතුර ඊයේ මෙම මළ බැඳී තිබූ ඉපැරණි කාලතුවක්කු බඳක කොටස හමුවුණා. දිගින් අඩි 26ක් වන මෙම කාලතුවක්කු බඳ කොටසේ ඉදිරිපස විෂ්කම්බය අඟල් 18 ක්. එමෙන්ම එහි වට ප්‍රමාණය අඩි 05 ක් වනවා. එම කාලතුවක්කුවේ පසුපස කොටසේ වට ප්‍රමාණය අඩි 10 ක් පමණ වන බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ.



Update : Sunday, 27 September 2015 - 13:26
-------------------------------------------------------

පැරණි හමුදා මූලස්ථානයෙන් ඉපැරණි කාලතුවක්කු කොටසක් මතුවෙයි

කොළඹ - ගාලූ මුවදොර පිහිටි පැරණි යුද හමුදා මූලස්ථාන භූමියෙන් ඉපැරණි කාලතුවක්කුවක බඳ කොටසක් හමු වී තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර ප්‍රකාශ කළේ පෞද්ගලික සමාගමක් මගින් සිදුකෙරෙන ඉදිකිරීම් කටයුත්තක් අතර තුර භූමිය සැකසීමේදී ඊයේ (26) කාලතුවක්කු බඳ කොටස හමු වී ඇති බවයි.

දැඩි ලෙස මල බැඳී ඇති මෙම කාලතුවක්කු බඳ කොටසේ දිග අඩි 26 ක්. එහි ඉදිරි පස විෂ්කම්භය අඟල් 18 ක් වන අතර වට ප්‍රමාණය අඩි 05 ක්.

එම කාලතුවක්කුවේ පසුපස කොටසේ වට ප්‍රමාණය අඩි 10 ක් පමණ වනවා.

මෙය කිනම් කාල වකවානුවකට අයත් දැයි -  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සොයා බලනු ඇති.

Update : Sunday, 27 September 2015 - 07:24
-------------------------------------------------------

පැරණි  කාලතුවක්කුවක් කොළඹ හෝටල් භූමියකින් මතුවෙයි

කොළඹ ගාලු මුවදොර සංචාරක හෝටලයක්  ඉදිකෙරෙන භූමියකින් පැරණි  කාලතුවක්කුවක් හමුවෙයි. හෝටල් ව්‍යාපෘතියේ කම්කරු සේවක පිරිසකට එය හමුව ඇත. මේ පිලිබඳ යුධ හමුදාවට දන්වාතිබේ. යුධ හමුදාව පැවසුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ට ද මේ පිළිබඳ  දැනුම්වත් කළ බවයි.ඒ අනුව පුරාවිද්‍යා නිලධාරීන් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.