Update: සැකකරු - බැංකුව කොල්ල කෑවේ සේවක 8යි - ආරක්ෂක 4යි යටත් කරගෙනලු

Sunday, 27 September 2015 - 8:58

Update%3A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+-+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%91%E0%B7%80%E0%B7%9A++%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A+8%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+4%E0%B6%BA%E0%B7%92+%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B6%BD%E0%B7%94
කොළඹ - ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් අද (27) පෙරවරුවේ කොල්ලකා තිබෙනවා. කළු පැහැති හිස් වැසුමක් සහ කබායක් පැළඳගත් පුද්ගලයෙකු යතුරුපැදියකින් පැමිණ කොල්ලකෑම සිදුකර පළාගොස් ඇති බවටයි මූලික පරීක්ෂණවලදි අනාවරණ වී ඇත්තේ.

 මොහු පෙරවරු 7.05 ට පමණ වේගයෙන් පැමිණි යතුරුපැදිය -  බැංකු පරිශ්‍රය තුළට ඇතුලූ කර තිබෙනවා. පසුව සැකකරු යතුරුපැදියෙන් බැස බැංකුවේ ආරක්ෂකයන්ට ගිනි අවිය පෙන්වා තර්ජනය කොට පහරදී බැංකුව තුළට පිවිස ඇති බව සඳහන්.

සේවකයින් 8 දෙනෙක් සහ ආරක්ෂකයින් 4 දෙනෙක් ඒ මොහොතේ සිට ඇති බවත්, කොල්ලකරු ඒ සියලුදෙනා යටත් කරගෙන කොල්ලය සිදුකර ඇති බවත් පැවසෙයි.

මෙම පහරදීමෙන් එක් ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා.

ඒ අවස්ථාව වනවිට බැංකු නිලධාරීන් භාරයේ තිබූ රුපියල් ලක්ෂ 55ක මුදලක් රැගෙන යළි යතුරුපැදියෙන් පලාගොස් ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි  සඳහන් කළා.

 බැංකු කොල්ලය පිළිබඳ ඉදිරි පරික්ෂණ කටයුතු - පොලිස්පතිවරයාගේ උපදෙස් මත කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති පූර්ණ අධීක්ෂණය යටතේ -  කොළඹ අපරාධ කොට්ඨාශය මගින් මෙහෙයවනු ලබනවා. ඒ සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

මේ වනවිට කොල්ලකෑම සිදුවූ ස්ථානය නිරීක්ෂනය කර ඇති පරීක්ෂණ කණ්ඩායම් බැංකු ගොඩනැගිල්ලේ සහ ඒ අවට පිහිටි සී සී ටී වී කැමරා දර්ශන පරීක්ෂාවට ලක් කරමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.



Update : Sunday, 27 September 2015 - 10:48
-------------------------------------------------------

කොළඹ  බැංකුවකින් ලක්ෂ 55 ක් කොල්ලකයි

කොළඹ 02- ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවකට ඇතුලූ වූ පුද්ගලයෙකු අද (27) උදෑසන එහි සිටි ආරක්ෂකයෙකුට පහරදී රුපියල් ලක්ෂ 55 ක මුදලක් කොල්ලකා පලාගොස් තිබෙනවා. වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු  කොල්ලකෑම සිදුකර පළාගොස් ඇති බවයි.