Update: පනාගොඩ සිසුවා මැරූ සැකකරු රිමාන්ඩ්

Sunday, 27 September 2015 - 10:01

Update%3A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී 10 හැවිරිදි පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු සැකකරු ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අද පෙරවරුවේ සැකකරු ඔහු සේවය කළ කපුරුගොඩ ප්‍රදේශයේම පිහිටි ගල්වලට රැගෙන ගිය අවස්ථාවේදී සිදුවූ අනතුරකින් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබුනා. කෙසේ වෙතත් සැකකරු, මේ වනවිට කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකළේ කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි  පුද්ගලයෙක්. 

Update : Sunday, 27 September 2015 - 14.10
-------------------------------------------------------

පනාගොඩ දරුවා ඝාතනයේ සැකකරු තුවාල ලබා රෝහලට 

පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවේ පසුවන සැකකරු හදිසියේ තුවාල ලබා තිබෙනවා. ඒ කළු ගලක් පයට පෙරළීමෙන්.

සැකකරු - වැඩකළ බව පැවසෙන  ගල්වල ළඟට පෙරවරුවේ රැගෙනවිත් ඇත. ඒ සඟවා  ඇති බව කියන මන්නයක් පෙන්වීමටයි.   ගල්වලේ එක්තරා ස්ථානයකට පිවිසීමේ දී සැකකරු  ලිස්සා වැටී තිබේ. එහිදී පෙරලුනු කළු ගලක්  ඔහුගේ කකුලක ගැටී ඇත. 

සැකකරු හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහු මේ වනවිට එම රෝහලේ තුන්වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවයි. සැකකරු අද (27) පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි  සැකකරු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත්තේ බියගම - බණ්ඩාරවත්ත ප්‍රදේශයේදියි.

Update : Sunday, 27 September 2015 - 10:49
-------------------------------------------------------

පනාගොඩ දරුවා ඝාතනයට හේතුව හෙළිවේ

පනාගොඩ - කපුරුගොඩ ප්‍රදේශයේදී දස හැවිරිදි දරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට හේතුව අත්අඩංගුවේ පසුවන සැකකරු, දරුවාගේ පියා සමඟ පැවති පෞද්ගලික අමනාපයක් බව අනාවරණ වී තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු මේ පිළිබඳව හෙළිකර ඇති බවයි අතුරුගිරිය පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

අතුරුගිරිය - පනාගොඩ - කපුරුගොඩ පාර ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි කවිඳු දේවින්ද කපුරුගේ නමැති වයස අවුරුදු 10ක පිරිමි දරුවා තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණේ පෙරේදා (25) පෙරවරු කාලයේදීයි. පසුව ඔහුගේ නිවස අසල වසා දැමූ වෙනත් නිවසක තිබී සිරුර සොයා ගත්තා.

කවිඳුගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පියාගේ සොහොයුරාට අයත් ගල් වැඩපලක සේවය කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම්වල අවධානය යොමුව තිබුණා. සැකකරු, ඝාතනය සිදුකළ නිවසේ රැඳී සිට ඇති බවටද තොරතුරු ලැබී තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

කඩුවෙල - කොතලාවල ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි සැකකරු ඊයේ සවස බියගම - බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වුණා.  අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන්  අඛණ්ඩව පරික්ෂණ ක්‍රියාත්මක වන බවයි පොලීසිය වැඩිදුරටත් පවසන්නේ.

මේ අතර දරුවන් සම්බන්ධයෙන් වාර්තාවන මෙවැනි සිද්ධීන් සමඟ දෙමව්පියන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

පනාගොඩ දරුවාගේ ඝාතනයේ 50ක සැකකරුවෙකු අත්අඩංගුවට