ජනපති අද එක්සත් ජාතීන්ගේ සැසි වාරය අමතයි

Sunday, 27 September 2015 - 19:33

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සමගාමීව පැවැත්වෙන තිරසාර සංවර්ධන සමුළුව අද අමතනවා. එසේම ජනාධිපතිවරයා අද ඇමරිකානු රාජ්‍ය ලේකම්, ජෝන් කෙරී හමුවනු ඇති.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ජගත් මහලේකම්, බෑන් කී මූන් මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ශර්මා ද හමුවුණා. එසේම පාකිස්තාන සහ මෝල්ටා අග්‍රාමාත්‍යවරුන් සමඟ ද ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වූ ජනාධිපතිවරයා කරුණු රැසක් පිළිබඳව ඔවුන්ගේ අවදානය යොමු කර තිබුණා.