සජින් වාස් රජයේ සාක්ෂිකරුවෙක් වෙයි

Monday, 28 September 2015 - 8:16

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිදුවූ බව කියන වංචා සහ දූෂණ ක්‍රියාවලට අදාළ නඩු කටයුතුවලදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන කැමැත්ත පළ කර තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කළේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස ඔහු කටයුතු කිරීමට සූදානම් බවයි.  

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය උත්සාහ කළද එය ව්‍යවර්ථ වූයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

මේ අතර මාස 4 කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන ඇප මත මුදා හැරුණේ පසුගිය 23 වනදායි. ඒ කොළඹ මහාධිකරණය හමුවේ මන්ත්‍රීවරයාට ඇප ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදියි. එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 200 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරුණා. එසේම, මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවත් පරීක්ෂණවලට බාධා කළහොත් ඇප අවලංගු කරන බවත් විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධී, සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත්තේ පසුගිය මැයි මස 11 වැනිදායි.