අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි

Monday, 28 September 2015 - 8:25

%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B6%E0%B7%9C%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි පවතින විටදී ඇතිවිය හැකි ප්‍රබල අකුණු පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
 
ගතවූ පැය 24 තුළ දිවයින පුරා විවිධ ප්‍රදේශවලට ඇද හැලූනු වර්ෂාපතනයේ පෙරදිනට සාපේක්ෂව යම් අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ජලයෙන් යටවී තිබූ බොහෝ මාර්ගවල එම තත්ත්වය පහව යමින් පවතින බවයි වාර්තාවන්නේ.

මේ අතර අයහපත් කාලගුණ තත්ත්වය නිසා  පිටාර මට්ටමේ පැවති නිල්, කළු සහ ගිං ගංඟාවල ජල මට්ටමේද සුළු අඩුවීමක් පෙන්නුම් කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් ඉදිරි පැය කිහිපය තුළ වැසි ඇද හැලෙන ආකාරය අනුව ජලාශවල ජල මට්ටම වෙනස්විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.

නායයෑමේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබූ බදුල්ල, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල එම අවදානම තාවකාලිකව ඉවත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළා.

දැනට සුළු ආපදා තත්ත්වයන් පවතින සහ ඉදිරියේදී ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි යැයි අපේක්ෂා කරන ප්‍රදේශ පිළිබඳව අඛණ්ඩව අවධානයෙන් සිටින බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසන්නේ.  

එසේම, පෙරේදා රම්බොඩ - වෙදමුල්ල - ලීල්ස් ලෑන්ඞ් වතුයායේ සිදුවූ නාය යාමෙන් මිය ගිය පුද්ගලයින් 7 දෙනාගේ අවසන් කටයුතු ඊයේ (27)  සිදුකෙරුණා. මෙම නාය යාමෙන් කුඩා දැරියන් දෙදෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. ඊයේ දිනයේත් එම ස්ථානයේ පිහිටා තිබූ නිවාස කිිහිපයක ජීවත් වූ පවුල් 19 කට අයත් පුද්ගලයින් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණා.