හලාවත සාදයකදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙක් මරුට

Monday, 28 September 2015 - 8:50

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හලාවත - ඉලක්කට්ටුව ප්‍රදේශයේ සාදයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (27) පස්වරුවේ මෙම සාදය පැවති අතර, මෙහිදී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සහ ඔහුගේ නිවසේ පැවති සාදයට පැමිණි පිරිසක් අතර බහින්බස්වීමක් සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.  එම පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, ඔහු මේ වනවිට හලාවත මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් මේ වනවිට පොලීසිය හඳුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රදේශය හැරගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.