ගිං ගඟ තවදුරටත් පිටාර මට්ටමේ

Monday, 28 September 2015 - 14:01

%E0%B6%9C%E0%B7%92%E0%B6%82+%E0%B6%9C%E0%B6%9F+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%9A
ගිං ගඟේ ජලය තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහෙත් පිටාර මට්ටමේ පැවති කළු සහ නිල්වලා ගංඟාවල ජලය ක්‍රමයෙන් බැසයමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ප්‍රේමා හෙට්ටිආරච්චි කියා සිටියේ.

අද පෙරවරු 8 යි 30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් පතිත වී ඇත්තේ අනුරාධපුරය - නොච්චියාගම ප්‍රදේශයටයි. එය මිලිමීටර 105 ක්. ඊට අමතරව ගාල්ල - පොඞ්ඩිවෙල ෆාම් ප්‍රදේශයට මිලිමීටර 104 යි දශම 4 ක වර්ෂාපතනයක් ඇදහැලී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ අද පස්වරුවේත් දිවයිනේ බෝහෝ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බවයි. වැසි ඇතිවන විටදී තද සුළං මෙන්ම අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.