පුංචි පැටියෙකුට පිහිට වූ මනුස්සකම

Monday, 28 September 2015 - 14:32

%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%9A%E0%B6%B8
කරුවලගස්වැව, තේවනුවර එළාරිස් වැවේ අතරමංව සිටි වයස මාසයක පමණ අලි පැටවකු ගම්වාසින් විසින් අල්ලාගෙන තිබියදි කරුවලගස්වැව අඩවි වන ජිවි කාර්යාලයේ නිළධාරින් විසින් රැගෙනවිත් අනුරාධපුර පණ්ඩුලගම පශු වෛද්‍ය එකකයට භාර දිමට කටයුතු කර තිබෙනවා.

මෙම අලි පැටියා ඇතින්නගෙන් මඟ හැරි තනිව එළාරිස් වැව තුල සිටියදි කෑගසා ඇති බව ගම්වාසින් කියයි.

කරුවලගස්වැව අඩවි වන ජිවි ආරක්ෂක ලක්මන් රෝහිත මහතා සහ සෙසු වන ජිවි නිළධාරින් දැඩි පරිශ්‍රමයක් දරා අලි පැටියා පණ්ඩුල ගම දක්වා රැගෙන යාමට කටයුතු කර තිබු අතර කරුවලගස් වැව ප්‍රදේශිය ලේකම් ජනක තුෂාර බාලසුරිය මහතාද අලි පැටියා රැගෙන යන අතර තුරදි අලි පැටියාට වතුර පෙවිමට එක්වන අයුරු දැක ගත හැකි විය.























ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ