A/L භෞතික විද්‍යා සිසුන්ට අහිමිවන ලකුණු 7 ක් ගැන ගුරු සංගමයක් හෙළි කරයි

Tuesday, 29 September 2015 - 19:56

A%2FL+%E0%B6%B7%E0%B7%9E%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+7+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ  බහුවරණ ප්‍රශ්න 4 ක සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක පැවති දෝෂ හේතුවෙන් සිසුන්ට ලකුණු 7 ක් අහිමිවීමේ තත්ත්වයක් මතුවී ඇති බව ලංකා ගුරුසේවා සංගමය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මේ සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු 10 වනදා විභාග කොමසාරිස්වරයාද දැනුවත් කළ බවයි. එහෙත් තවමත් මෙම ගැටළුවට විසඳුමක් ලැබී නොමැතිවීම හේතුවෙන් සිසුන්ට සිදුවන මෙම ලකුණු අහිමීවීම මූලික කරගෙන ඉදිරියේදී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ. භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 10, 19, 33 සහ 46 ප්‍රශ්නවල හා ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ තුන්වන ප්‍රශ්නය සහ 9 වන ප්‍රශ්ණයේ ඒ කොටසේ මෙලෙස දෝෂ පවතින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාරගෙන් අප විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ තමන්ට එවැනි තත්ත්වයක් පිළිබඳව මෙතෙක් දැනුවත් වී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට තමන් කටයුතු කරන බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.