ජනපති අද ජගත් මහා මණ්ඩලය අමතයි

Wednesday, 30 September 2015 - 8:15

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිය අද අමතනවා. මෙවර එහි තේමාව වන්නේ එක්සත් ජාතීන්ගේ සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි මග යන්නයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ත්, 8.30 ත් අතර කාලය තුළ ජනාධිපතිවරයා සිය දේශනය සිදුකරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසිවාරයට සහභාගි වන අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා අතර හමුවක්ද සිදුවුණා. එහිදී ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිදුකරන කැපවීම සහ ඒ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ඇමරිකානු ජනාධිපතිවරයාගේ පැසසුමට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිදුවූ වෙනස්කම් පිළිබඳව තමා සතුටට පත්වන බවයි ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා එහිදී සඳහන් කළේ.