පසුගිය සමයේ මාධ්‍ය මර්දනය ගැන අගමැති කතා කරයි

Wednesday, 30 September 2015 - 8:41

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පියාණන් වූ දිවංගත එස්මන්ඞ් වික්‍රමසිංහ ගේ 30 වන ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධාන කළ එස්මන්ඞ් වික්‍රමසිංහ නිදහස් මාධ්‍ය සඳහා වූ සම්මානය ප්‍රදානය කිරීම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුනා. එම සම්මානය හිමිවූයේ උදයන් පුවත්පතටයි. මෙම අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවේ විශාල මාධ්‍ය මර්ධනයක් ඇතිවී තිබූ බවයි.