රනිල්, චන්ද්‍රිකා, මහින්ද, සම්බන්ධන්, මැකෝ සමඟ එකට

Wednesday, 30 September 2015 - 13:12

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%2C+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%2C+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%9D+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%91%E0%B6%9A%E0%B6%A7
මැතිවරණ දෙපාර්තමේන්තුව ආරම්භ කර අදට (30) වසර 60ක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් කොළඹ  බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ මේ වනවිට පැවැත්වෙන සමරු උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටින්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මෙන්ම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද ඊට එක්ව සිටින අතර, දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම, හිටපු දේශපාලනඥයන් රැසක්ද එහි පැමිණ සිටින බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මෙහිදී, පිලිගැනීමේ කතාව සිදු කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය කියා සිටියේ ඉදිරියේදී අපේක්ෂයන් සිය ජන්ද ව්‍යාපාරය සඳහා වැයකරන මුදල් විගණනය කළ යුතු බවයි.

දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයා ලෙස මෙම අවස්ථාවට එක්වූ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ මැතිවරණ නිලධාරීන් විනිසුරුවරුන් හා සමාන බවයි.

අනතුරුව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් අදහස් පළ කළ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උත්සව සභාව ඇමතුවේ ඉන් පසුවයි. සියලූම පාර්ශවයන් සමඟ සාකච්ඡා කර යෝජිත නව මැතිවරණ ක්‍රමය මේ වසර අවසානයට පෙර බලාත්මක කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.