ලංකාව ගැන ජිනීවා විවාදය ඇරඹේ

Wednesday, 30 September 2015 - 18:51

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතීන්ගේ 70 වන මහා මණ්ඩල සැසිය අද අමතනවා. මෙවර එහි තේමාව වන්නේ එක්සත් ජාතීන්ගේ සාමය, ආරක්ෂාව සහ මානව හිමිකම් පිළිබඳ ඉදිරි ගමන යන්නයි. මෙරට වේලාවෙන් අද රාත්‍රී 7 යි 30 ත්, 8 යි 30 ත් අතර කාලය තුළ ජනාධිපතිවරයා සිය දේශනය සිදුකරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මේ අතර මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කර  ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳව විවාදය ආරම්භ වී තිබෙනවා.