නව මැතිවරණ ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර - අගමැති

Wednesday, 30 September 2015 - 19:21

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92
මෙම වසර අවසන් වීමට පෙර නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දීමට අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අද පෙරවරුවේ පැවති මැතිවරණ දෙපාර්තමේන්තුවේ 60 වන සංවත්සර සැමරුම් උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා  කියා සිටියේ පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනයද සියයට 25 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වූ අතර, ඊට හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ මහින්ද රාජපක්ෂද එක්ව සිටියා. එහිදී මැතිවරණ කොමසාරිස්වරයාට දකුණු පසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අසුන්ගෙන සිටි අතර, ඊට යාබද අසුනේ අසුන්ගෙන සිටියේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. අග්‍රාමාත්‍යවරයාට යාබද අනෙක් අසුනේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග අසුන්ගෙන සිටියා.

මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන්, හිටපු අග්‍රාමාත්‍ය දි.මූ.ජයරත්න ඇතුලූ දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව සෑම අවස්ථාවකදීම ස්වාධීනව කටයුතු කළ යුතු බවයි එහිදී අදහස් දැක්වු විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කියා සිටියේ.