රජයෙන් පුද්ගලික අංශයට රුධිර සාම්පල යාම නවති ?

Thursday, 01 October 2015 - 18:56

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92+%3F
රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීම පෞද්ගලික අංශය වෙත යොමුකිරීම තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. කොළඹදී අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිටත් කොළඹ ජාතික රෝහල තුළ රෝගීන්ගේ රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශය වෙත යොමුකිරීම නතර කර ඇති බවයි. දිවයිනේ සියලූ රෝහල් සඳහා රුධිර පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය නවීන තාක්ෂණික පහසුකම් ඉදිරි වසර තුළ ලබාදීමට අපේක්ෂා කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ.