Update: නායයාමේ අවදානමක් නිසා, දක්ෂිණ අධිවේගී මාර්ගය කොක්මාදූවෙන් වැසේ

Friday, 02 October 2015 - 8:54

Update%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
නායයාමේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මාතර අතර කොටස අද (02) දහවල් 12 වනතුරු විවෘත කිරීමට නොහැකි වනු ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලනාධිකාරිය පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වන කිලෝමීටර් කණුව අසල නායයෑම් අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් එම මාර්ගයේ ගාල්ල සහ මාතර අතර කොටස වසා දමා ඇත්තේ කොක්මාදූව ප්‍රදේශයෙන්.

Update - 8:54 AM |දක්ෂිණ අධිවේගී මාර්ගයේ 114 වන කිලෝමීටර් කණුව අසල නායයෑම් අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් එම මාර්ගයේ ගාල්ල සහ මාතර අතර කොටස කොක්මාදූව ප්‍රදේශයෙන් වසා දමා තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹට සහ මාතරට ගමන් ගන්නා වාහන සාමාන්‍ය මාර්ගයෙන් පැමිණ දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බවයි.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පස්වරුවේත් දිවයිනේ මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල ඇතැම් ස්ථානවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.