දෑස්, වකුගඩු, අක්මා දන්දෙන්න නව ක්‍රමවේදයක්

Friday, 02 October 2015 - 9:49

%E0%B6%AF%E0%B7%91%E0%B7%83%E0%B7%8A%2C+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94%2C+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඕනෑම අයෙකුට දෑස්, වකුගඩු, අක්මා ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස් සිය කැමැත්තෙන් ලබාදෙන බවට වන සහතිකයක් රියදුරු බලපත්‍රයේ ඇතුළත් කිරීම සඳහා අවස්ථාවක් ඇති කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අවයව බද්ධ කිරීමේ ක්‍රියාවලිය දැනට දිවයිනේ රෝහල් කිහිපයකම සාර්ථකව සිදුකරන අතර එමගින් ඊට මහඟු සේවයක් වනු ඇති බවයි අමාත්‍යවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.