බැකෝ යන්ත්‍රයකින් මින්නේරියේ නිධන් හෑරූ 4ක් මාට්ටු

Friday, 02 October 2015 - 10:18

%E0%B6%B6%E0%B7%90%E0%B6%9A%E0%B7%9D+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+4%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94
මින්නේරිය - සී. පී. පුර ප්‍රදේශයේ බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් නිධන් වස්තු හෑරීමේ කටයුතුවලට නිරත වූ පුද්ගලයින් 4 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් සමඟ අදාළ බැකෝ යන්ත්‍රය ද පොලිස් භාරයට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අකුරණ, කළුතර සහ මින්නේරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.