කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වර්ජනය තවදුරටත්

Friday, 02 October 2015 - 11:01

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් සැත්කම් ඒකකයේ විශේෂඳ වෛද්‍යවරුන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය 03 වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මේ අතර, එම ඒකකයේ හෙද හෙදියන්ද ඊයේ වර්ජනයක් ආරම්භ කළා. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ භාණ්ඩාගාරික ඊ.ඒ.ජයසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු හෙදියන් පිරිසකට පරුෂ වචනයෙන් බැන වැදී ඇති නිසා ඊට විරෝධය පෑමක් ලෙස මෙම වර්ජනය දියත් කරන බවයි. මෙම වර්ජනය හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් සැත්කම් සිදුකිරීම නැවතී ඇති බව හිරු වාර්තාකරු කියා සිටියා.