මව්පියන්ට දරුවන්, දරුවන්ට මව්පියන් හොයාගන්න පුළුවන් දුරකතනයක්

Friday, 02 October 2015 - 12:04

%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දෙමාපියන්ට දරුවා සිටින තැන සොයා ගත හැකි, දරුවාට දෙමාපියන් සහ පොලිසිය ඇමතිය හැකි විශේෂ දුරකථනයක් ඉදිරියේදී හඳුන්වාදෙන බව විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා. මෑත කාලයේ ළමයින්ට සිදුවූ විවිධාකාරයේ පීඩා සැලකිල්ලට ගෙන මෙම දුරකථනය හඳුන්වා දෙන බවයි අමාත්‍යවරයා කොළඹ අද (02) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. අංක 3 කින් සමන්විත මෙම දුරකථනය මගින් දරුවා සිටින ස්ථානය හඳුනා ගැනීමේ පහසුකම් සලසා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා මේ වනවිටත් පවත්වා ඇති අතර හැකි ඉක්මනින් එය හඳුන්වාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම, මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් ද ඉදිරියේදී හඳුන්වාදීමට නියමිතයි.