යාල වනයේදී දඩයම්කරුවන් පිරිසකට වනජීවිය වෙඩි තබයි - එක් අයෙකු මරුට

Saturday, 03 October 2015 - 8:58

%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
යාල වනෝද්‍යානයේ දඩයමේ ගිය පුද්ගලයන් පිරිසකට වනජීවි නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ පස්වරුවේ එක් අයෙකු මිය ගියා. පොලීසිය ප්‍රකාශ කළේ අවි ගත් මෙම පුද්ගලයන් වනජීවි නිලධාරීන්ට වෙඩි තැබීමට සූදානම් වූ අවස්ථාවේ පෞද්ගලික ආරක්ෂාව සඳහා වනජීවි නිලධාරීන් ඔවුන්ට වෙඩි තබා ඇති බවයි. එහිදී තුවාල ලැබූ දඩයමේ පැමිණි එක් පුද්ගලයෙකු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු කතරගම - වැඩිහිටිකන්ද ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු වන අතර ගිනි අවිය සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ.