සිරියාවේ රුසියානු ප්‍රහාර නිසා, අයි.එස්. සටන්කාමීන් ශක්තිමත් වන බවට ඇමරිකාවෙන් චෝදනා

Saturday, 03 October 2015 - 9:47

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
සිරියාවේ ක්‍රියාත්මක වන රුසියානු ප්‍රහාර හේතුවෙන් අයි.එස්. සන්නද්ධ කණ්ඩායම් තවදුරටත් ශක්තිමත් වන බවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා චෝදනා කළා. ඔහු කියා සිටියේ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය ප්‍රකාශ කරන පරිදි එරට සියලූම කැරළිකරුවන් ත්‍රස්තවාදීන් නොවන බවයි. ජනාධිපති පුටින්ගේ නියමයෙන් රුසියානු ගුවන් ප්‍රහාර පසුගිය බදාදා ආරම්භ වූ අතර, ඔවුන් ඉවක් බවක් නොමැතිව දැවැන්ත ප්‍රහාර එල්ල කරන බවට ධවල මන්දිරය මීට පෙර ද චෝදනා කළා. ඇමරිකානු හමුදා සහාය ලබන නිදහස් සිරියානු හමුදාව ලෙස හදුන්වන කැරළිකරුවන්ට ද රුසියානු ප්‍රහාර එල්ල වන බවයි බටහිර මාධ්‍ය වාර්තා කළේ. ඔවුන් ජනාධිපති අසාද්ගේ රජය පෙරලා දැමීමට මෙන්ම අයි.එස්.වරුන් සමඟ ද සටන් වැද සිටිනවා. කෙසේ නමුත්, රුසියාව අවධාරණය කළේ තමන් ප්‍රහාර එල්ල කරන්නේ ත්‍රස්ත කණ්ඩායම් වලට පමණක් බවයි.