සංහිදියාව උදෙසා සර්ව පාක්ෂික සහ සර්ව ආගමික සමුළුවක් - ජනපති

Saturday, 03 October 2015 - 9:21

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8F+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%86%E0%B6%9C%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ජාත්‍යන්තරයෙන් රටේ ජනතාවට සිදුවූ විපතක් වැළැක්වීමේ වගකීම රජය භාර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ අවිහිංසාවාදී පාලන ක්‍රමයක් තුළින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කර ලෝකය ජය ගැනීමට උත්සාහ කරමින් සිටින බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සිය ඇමරිකානු සංචාරය අවසන්වීමෙන් පසු ජනාධිපති මන්දිරයේ ඊයේ (02) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ සංහිඳියාව වෙනුවෙන් වූ සියලූ ක්‍රියාමාර්ග දේශීය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කරන බවයි.

තමා කිසිවිටෙකත් තනි තීන්දු නොගන්නා බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී සදහන් කළා.