අග්‍රාමාත්‍යවරයා ජපානයට ළඟා වෙයි

Saturday, 03 October 2015 - 13:20

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%9F%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජපානයේ පස්දින නිල සංචාරයක් සඳහා අද අලූයම දිවයිනෙන් පිටත්ව ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මීට සුළු වේලාවකට පෙර ඔසාකා නුවර කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟාවී තිබෙනවා. ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව එහි සංචාරය කරන අග්‍රාමාත්‍යවරයා ජපාන අගමැතිවරයා මෙන්ම එරට අධිරාජ්‍යයා ද මුණගැසීමට නියමිතයි. ජපාන පාර්ලිමේන්තුව ඇමතීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංචාරයේ විශේෂ වැදගත්කමකින් යුත් සිද්ධියක් වනවා.