UPDATE: දුම්වැටි සහ මත්පැන් මිල ඉහළට

Saturday, 03 October 2015 - 14:36

UPDATE%3A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි, බීර සහ දේශීය මෙන්ම, විදේශීය මත්පැන් මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 30 ක්ව පැවති දුම්වැටියක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

රුපියල් 150 ක්ව පැවති - මධ්‍යසාර ප්‍රමාණය සියයට 5 ට අඩු බීර ලීටරයක මිල, රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර, රුපියල් 185ක්ව පැවති මධ්‍යසාර ප්‍රමාණය සියයට 5 ට වැඩි බීර ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 60 කින්.

මේ අනුව, මධ්‍යසාර ප්‍රමාණය සියයට 5 ට අඩු බීර මිලිලීටර් 625 ක බෝතලයක මිල රුපියල් 25කින් ඉහළ යන අතර, මධ්‍යසාර ප්‍රමාණය සියයට 5 ට වැඩි බීර මිලිලීටර් 625 ක බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම, තල්, පොල් සහ පදම් කළ අරක්කු ලීටරයක මිල රුපියල් 110 කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, අරක්කු බෝතලයක මිල රුපියල් 60 කින් පමණ ඉහළ යනු ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළා.

ආනයනික ස්ප්‍රීතු යොදා දේශීයව නිෂ්පාදනය කරන විදේශීය මත්පැන් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 160 කින්. මේ අනුව, විදේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 125 කින් පමණ ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.


UPDATE----------------------------------------

ඊයේ (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්වැටි සහ මත්පැන් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව, රුපියල් 30 ක්ව පැවති දුම්වැටියක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 3 කින්.

මීට අමතරව, සාන්ද්‍රණය 5% ට අඩු බීර ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දමා ඇති අතර, සාන්ද්‍රණය 5% ට වැඩි බීර ලීටරයක මිල රුපියල් 60 කින් ඉහළ දමා ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

දේශීය මත්පැන් නිෂ්පාදනය කරන මොලෑසස් ස්ප්‍රීතු ලීටරයක මිල රුපියල් 110 කින් ඉහළ දමා ඇති අතර, විදේශ මත්පැන් නිෂ්පාදනය කරන ස්ප්‍රීතු ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 160 කින්. ඒ අනුව, දේශීය මත්පැන් බෝතලයක මිල රුපියල් 40 කින් පමණ ඉහළ යනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.