බැකෝවෙන් ගසක් නිවසක් උඩට - බිත්තිය දරුවෙකු මතට

Saturday, 03 October 2015 - 20:50

%E0%B6%B6%E0%B7%90%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%A9%E0%B6%A7+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7
අම්පාර - සමන්තුරේ ප්‍රදේශයේදී නිවසක බිත්තියක් ඇඟ මතට කඩා වැටීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (03) උදෑසන සිදුවූ  අනතුරෙන් මියගොස් ඇත්තේ  9 හැවිරිදි පිරිමි දරුවෙක්.

නිවසට යාබද ඉඩමක අතහැර දමා තිබූ නිවසක කඩා වැටුණු බිත්තියකට දරුවා යටවී ඇති බවයි පොලිසිය පවසන්නේ. එම නිවස ආසන්නයේ තිබූ කොහොඹ ගසක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් ඉවත් කිරීමට යාමේදී එහි විශාල ප්‍රමාණයේ අත්තක් නිවස මතට කඩා වැටී තිබෙනවා. එහිදී නිවසේ බිත්තියක් අසල සිටි පිරිමි දරුවාගේ ඇග මතට පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.

ගස ඉවත් කිරීමේ නිරතව තිබූ බැකෝ යන්ත්‍රයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළා.

මේ අතර, පසුගිය සැප්තැම්බර් 30 වනදා ද අම්පාර - සමන්තුරේ - කාර්තිව් ප්‍රදේශයේදී මාර ගසක් තාප්පයකට කඩා වැටී එම තාප්පය ඇග මතට වැටීමෙන් 6 හැවිරිදි කුඩා දරුවෙකු මියගියා.

එමෙන්ම, රත්නපුර - කහවත්ත - පනාවැන්න ප්‍රදේශයේ දී වයස අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඊයේ (02) මියගියේ නිවස ඉදිරිපිට අලංකාරයට සකසා තිබූ පොකුණකට ඇද වැටීමෙන්.

ගාල්ල - රිච්මන්ඩ්  කන්ද දුම්රිය හරස් මාර්ගය අසලදී දුම්රියක ගැටී බරපතල තුවාල ලැබූ රිච්මන්ඩ්  විද්‍යාලයේ 3 වන ශ්‍රේණියේ 8 හැවිරිදි සිසුවෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරිමෙන් පසු ජීවිතක්ෂයට පත්වීමේ කණගාටුදායක සිද්ධියක් ද  ඊයේ වාර්තා වුණා.