Update: වසා දැමුණු කොක්මාදූව - ඉමදූව කොටස යළි විවෘත වේ

Sunday, 04 October 2015 - 7:02

Update%3A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80+-+%E0%B6%89%E0%B6%B8%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%9A
නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සිට ඉමදූව දක්වා කොටස මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා. අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස් කඳු කඩාවැටීමේ සහ නායයෑමේ අවදානමක් පැවතීම හේතුවෙනුයි මෙම කොටස අද අලූයම වසා දැමුණේ.

කෙසේ වෙතත් මේ වනවිට ප්‍රදේශයට වැසි ලැබීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් දක්ෂිණ අධිවේගී මාර්ගය කොක්මාදූව පිවිසුමෙන් යළි විවෘත කරනු ලැබූ බවයි අධිවේගී  මාර්ගයේ පාලනාධිකාරිය සඳහන් කළේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය අදාල පිවිසුමෙන් වසා දැමීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් සේවා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආර්.එම්.එස්. බණ්ඩාර කියා සිටියේ.

මේ අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව - කොක්මාදූව 114 කණුව ආසන්නයේ ඇති වී තිබෙන මෙම නායයාමේ අවදානම් තත්ත්වය නිසා ඒ අවට ප්‍රදේශවාසීන් ද පීඩාවට ලක්ව සිටිනවා. ඔවුන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඔවුන් ද කඩිනමින් දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසයි.

Update: Sunday, 04 October 2015 - 13:58
------------------------------------------------------

දක්ෂිණ අධිවේගයේ කොටසක් වසා දැමෙයි (ඡායාරූප)

දක්ෂිණ අධිවේගයේ ඉමදූව - කොක්මාදූව කොටස වසා  දැමෙයි. පොලිසිය පැවසුවේ පස් කඳු කඩා වැටීමේ අවදානම ඊට හේතුව බවයි. ඒ අනුව වාහනවලට ඉමදූවෙන් පිටවී  - කොක්මාදූවටත්, කොක්මාදූවෙන් පිටවී ඉමදූවටත් ඇතුළු විය හැකියි.

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්  ඉමදූව හා කොක්මාදූව පිවිසුම් අතර කිලෝමීටර් 07ක් අනාරක්ෂිත කළාපයක් ලෙස නම් කර ඇත. එම කොටස අද (04) අලුයම 02.30 ට වසා දැමුණා.  

කොක්මාදූව ප්‍රදේශයේ කි.ම්. 114  කණුව ආසන්නයේ ගල් සහිත කදු වැටිය නායායාමේ අවදානම නැවත හටගෙන තිබේ.

























(ඡායාරූප - ඇත්කඳුරේ  ජනත් ද සිල්වා/ රත්ගම රොෂාන් පියතිලක)