UPDATE : හෙරොයින් කිලෝ දෙකහමාරක් නෙමෙයි කිලෝ 5ක් - වටිනාකම කෝටි 5ක්

Sunday, 04 October 2015 - 7:50

UPDATE+%3A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%B8%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+5%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B6%9A%E0%B6%B8++%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+5%E0%B6%9A%E0%B7%8A
අද අලුයම කටුනායක දී අත්අඩංගුවට ගත්  සැකකරුවන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් මත්  කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 5 දක්වා ඉහළ  ගොස් තිබෙනවා. ඒ අනුව හෙරොයින් මත් කුඩු ග්‍රෑම් 500 යේ පැකට් 10ක් සොයාගත් බව රේගුව පවසයි.

අලුයම 05.05 ට  ඉන්දියාවේ චෙන්නායි සිට  පැමිණි UL 126 යානයෙන් - කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 60 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ගෙනවිත් තිබුනා. ඒ  ගමන්  මලුවල තුනපහ පැකට් ගෙන එන මුවාවෙන්.

ගමන් මලුවල සූක්ෂම ලෙස අසුරා තිබියදී හමු වූ  හෙරොයින් ප්‍රමාණය කිලෝ 5ක්. රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සඳහන් කළේ මේ වසරේදී ගුවන් මගින් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම හෙරෙයින් තොගය මෙය වන බවයි. 
 

දෙකෝටි පනස්ලක්ෂයක තුනපහ හෙරොයින් වෙන්නේ මෙහෙම

රුපියල් දෙකෝටි පනස්ලක්ෂයක් වටිනා හෙරොයින් මත්කුඩු මෙරටට රැගෙන ආ දෙදෙනෙක් ගුවන්තොටුපළ රේගුව අත්අඩංගුවට ගනියි. 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 60 හැවිරිදි කාන්තාවක් ද ඉන්දියාවේ චෙන්නායි සිට පෙරවරුවේ දිවයිනට පැමිණ ඇත්තේ UL 126 යානයෙන්.

ඔවුන් ගමන්  මලුවල තුනපහ පැකට් ගෙනවිත් ඇත්තේ හෙරොයින් ද සමග බව රේගුව පවසයි. හෙරොයින් ග්‍රෑම් 500 යේ පැකට් 5ක් ගමන් මලුවල සූක්ෂම ලෙස අසුරා තිබී ඇත.   සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.