අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජපාන අගමැති හමුවේ

Sunday, 04 October 2015 - 8:20

%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
පස්දින නිල සංචාරයක් ආරම්භ කරමින් ඊයේ (03) ජපානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ එරට අග්‍රාමාත්‍ය  ෂින්සෝ අබේ අතර හමුවක් කියෝතෝ නුවරදී අද (04) සිදුවුණා. කියෝතෝ විද්‍යා හා තාක්ෂණ සමුළුව ආරම්භ වීමට පෙර හමුව සිදුවූ බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු ශානුක කරුණාරත්න සඳහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර නිල සාකච්ඡා  ලබන 06 වනදා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතයි.

 ඊයේ දහවල් ඔසාකාහි කන්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිිරිස පිළිගත්තේ කන්සායි හි ජපාන තානාපති අකිරා මීරා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කොනචි සුගනුමා සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ධම්මික ගංගනාත් දිසානායක විසින්.

ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ආරාධනාවකට අනුව එහි සංචාරය කරන අග්‍රාමාත්‍යවරයා,  ජපාන අගමැතිවරයා මෙන්ම එරට අධිරාජ්‍යයා ද මුණගැසීමට නියමිතයි. ජපාන පාර්ලිමේන්තුව ඇමතීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සංචාරයේ විශේෂ සිද්ධියක්.

 මෙම සංචාරයට අග්‍රාමාත්‍යවරයා සමග අමාත්‍යවරුන් වන තාක්ෂණ අධ්‍යාපන සහ රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද එක්ව සිටිනවා. එසේම, විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක ද ටෝකියෝ නුවරදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස සමග එක්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

මීට පෙර පළ  කළ පුවතේ වීඩියෝව