අත්අඩංගුවට ගත්තේ කොණ්ඩයාගේ සහෝදරයෙක්

Sunday, 04 October 2015 - 8:32

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (03) අත්අඩංගුවට ගත් සැකකරු දැනට සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ සහෝදරයෙකු බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණ නියෝගයට අනුව පැය 72 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගනිමින් පරීක්ෂණ සිදුකරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද තොරතුරකට අනුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොණ්ඩයාගේ සහෝදරයෙකු වන සමන් ජයලත් නැමැත්තා අත්අඩංගුවට ගත්තේ මීගමුව ප්‍රදේශයේදීයි. ඔහුගෙන් කරුණු ගණනාවක් ඔස්සේ අඛණ්ඩව ප්‍රශ්න කරමින් පවතින බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.  

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර මරා දමා තිබියදී ඇයගේ සිරුර නිවස අසල ඇල ඉවුරක තිබී හමුවූයේ පසුගිය සැප්තැම්බර් 13 වැනිදායි.

මෙම ඝාතනයට පළමුව 17 හැවිරිදි පාසල් සිසුවෙකු සහ 31 හැවිරිදි එක්දරු පියෙකු පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සැකපිට අත්අඩංගුවට ගත්තා. පසුව, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන් පසුව ඔහු සේයා ඝාතනය සිදුකළ බවට පාපොච්චාරණයක් ද සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

 අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්  භාරයට පත් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක් දරු පියා මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ පෙරේදා දිනයේ නිදහස් කළා. ඒ ඔවුන්ගේ ඩී.එන්.ඒ. වාර්තා දැරියගේ ඩී.එන්.ඒ. වාර්තා සමඟ නොගැලපීම හේතුවෙන්. මෙහිදී සේයා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ රහස් පොලිසියට පමණක් භාර දෙන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

අධිකරණය මගින් නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා පසුව හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර, මෙම සිසුවාට සහ එක්දරු පියාට අත්අඩංගුවේ සිටියදී කොටදෙණියාව පොලිසිය පහරදුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත් වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝගයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මීට පෙර පළ  කළ පුවතේ වීඩියෝව



දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයාගේ පෙර වැරදි