දෙරටේ සබඳතා ශක්තිමත් කිරීම සඳහා සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා - ජපාන අග්‍රාමාත්‍යවරුන් අතර එකඟත්වයක්

Sunday, 04 October 2015 - 19:36

%E0%B6%AF%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+-+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කරලීමේ සැලැස්මක් සැකසීම සඳහා ඉහළ මට්ටමේ අමාත්‍යවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුවක් පත් කර ගැනීමට දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අද තීරණය කළා. ඒ, ජපානයේ නිළ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර අද පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවේදියි. ජපානයේ කියෝතෝ නුවර සමුළු කේන්ද්‍රයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබල දියුණුවක් ලබනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔහු සදහන් කළා. ලෝකයේ හැම රටක් සමඟම සමගිව සහ මිත්‍රශීලීව කටයුතු කිරිම ලක් රජයේ ප්‍රතිපත්තිය බව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාතික ආණ්ඩුවට ජාත්‍යන්තර මෙන්ම ජාතික අභියෝග හමුවේදී ශක්තිමත්ව ක්‍රියාකළ හැකියි. එම අභියෝග හමුවේ ජපානය ලබාදෙන සහයෝගය අගය කරන බවත්, අග්‍රාමාත්‍යවරයා සදහන් කළා. දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර තවත් නිළ සාකච්ඡාවක් ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ජපානයේ කියෝතෝ නුවර පැවැත්වෙන විද්‍යා හා තාක්ෂණ සමුළුවේ ආරාධිත දේශනය ද ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා සිදුකළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි. ඊට රටවල් 30කට වැඩි සංඛ්‍යාවකින් නියෝජිතයන් එක්ව සිටියා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල්  වික්‍රමසිංහ කියා සිටියේ නීතියේ ආධිපත්‍යය පදනම්ව සිත් වේදනාවෙන් පසුවූ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ නව රජය කැප වී ඇති බවයි.