අගමැති රනිල් වික්‍රමසිංහ අද ජපාන පාර්ලිමේන්තුව අමතයි

Monday, 05 October 2015 - 7:32

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
ජපානයේ නිළ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි. ඒ අනුව ජපාන පාර්ලිමේන්තුව අමතන තුන්වන විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ඉතිහාසයට එක්වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විනාඩි 30 ක පමණ කාලයක් පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත අතර, එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතයි. මීට පෙර ජපාන පාර්ලිමේන්තුව අමතා තිබෙන්නේ ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පමණයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා ජපාන විදේශ අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සමඟ ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එසේම ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහ අගමැතිවරයා අතර හමුවක් ද අද ටෝකියෝ නුවර දී පැවැත්වෙනු ඇති.

මේ අතර, මෙම සංචාරයට අදාළව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ අතර සාකච්ඡා වට දෙකක් පැවැත්වෙනවා. ඉන් පළමු වැන්න ඊයේ කියෝතෝ නුවර දී පැවැත්වුණා.

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව ප්‍රබල දියුණුවක් ලබනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි ජපාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ. ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට පූර්ණ සහයෝගය ලබාදෙන බව ද ඔහු සදහන් කළා. ලෝකයේ සෑම රටක් සමඟම සමගිව සහ මිත්‍රශීලීව කටයුතු කිරිම ලක් රජයේ ප්‍රතිපත්තිය බව මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එසේම කියෝතෝ නුවර පැවැති විද්‍යා හා තාක්ෂණ සමුළුවේ ආරාධිත දේශනය සිදුකළේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.