ස්විස් ගිණුම්වල මුදල් ශ්‍රී ලංකාවේ තැන්පත් කරන්න. - මුදල් ඇමති

Monday, 05 October 2015 - 19:28

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%AB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92
නොවැම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කරන තුරු ජපානයෙන්, ශ්‍රී ලංකාවට වාහන ගෙන්වීම නවත්වන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉල්ලීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජපාන නිල සංචාරයට එක්ව සිටින මුදල් අමාත්‍යවරයා මෙම කරුණු හෙළි කර ඇත්තේ එහි සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති සාකච්ඡාවකදීයි. ගතවූ මාස 9 තුළ ලක්ෂ 8කට ආසන්න වාහන සංඛ්‍යාවක් ජපානයෙන් ආනයනය කර ඇති බව ද මුදල් අමාත්‍යවරයා එහිදී හෙළි කළා.

මේ අතර, ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත් කර ඇති මුදල් ශ්‍රී ලංකාවේ තැන්පත් කරන ලෙස මුදල් අමාත්‍ය රවී කරුණානායක ශ්‍රී ලාංකිකයන් සහ ඉන්දියානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඉන්දීය හින්දු පුවත්පත සඳහන් කරන පරිදි අමාත්‍යවරයා එහිදී පවසා ඇත්තේ එම මුදල් උපයා ගත් ආකාරය පිළිබඳව ප්‍රශ්න නොනගන බවයි. ස්විට්සර්ලන්තයේ බැංකුවල මුදල් තැන්පත් කිරීමෙන් ප්‍රතිලාභයක් හිමිනොවුව ද මෙරට බැංකුවලින් ඒ සඳහා සියයට 1 යි දශම 5 සිට සියයට 3 දක්වා පොලියක් උපයා ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ. ස්විට්සර්ලන්තය විදේශීය තැන්පත්කරුවන්ගෙන් දැන් දේශීය බදු සහතික ඉල්ලා සිටිනවා. එහිදී ඩුබායි හෝ සිංගප්පූරුව වෙනුවට, ඔවුන්ට ශ්‍රී ලංකාව තෝරා ගත හැකියි. ශ්‍රී ලංකාව තමන්ගේ දෙවන නිවහන ලෙස සලකන්නැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටි බව හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.



අයවැය හිඟය විශාල ලෙස පුළුල්වන බවට පළවන වාර්තා මහ බැංකුව ප්‍රතික්ෂේප කරයි
Sunday, 02 August 2020 - 9:28

මේ වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය සංකෝචනය වන බවට සහ අයවැය හිඟය... Read More

ජූලි මාසයේ උද්ධමනය ඉහළට
Saturday, 01 August 2020 - 20:01

පසුගිය ජූලි මාසයේ මෙරට වාර්ෂික උද්ධමනය සියයට 4. 8 දක්වා සුළු... Read More

කොළඹ කොටස් වෙළඳපොළ වර්ධනයක්
Saturday, 01 August 2020 - 7:48

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක ඊයේ නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More