අගමැතිවරයා ශ්‍රී ලංකා ආධාර සමුළුවකට ජපානයේ සහාය ඉල්ලයි

Tuesday, 06 October 2015 - 12:43

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වයන් පවතින ප්‍රදේශවල සමාජ හා ආර්ථික තත්ත්වය ගොඩනැංවීම සඳහා ආධාර සමුළුවක් පැවැත්වීමට ජපාන රජයේ සහයෝගය බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අද උදෑසන ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජාතික සංහිදියාව සහ සාමය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකාව දරණ ප්‍රයත්නයට ද ජපානයේ සහාය අපේක්ෂා කරන බවයි. ජපාන පාර්ලිමේන්තු විශේෂ දේශනයක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එක්වූයේ එරට පාර්ලිමේන්තුවේ මෙම සැසි වාරය ඇමතූ වෙනත් රටක තුන්වන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ලෙසයි. නව මාවතකට පිවිසී සිටින ශ්‍රී ලංකාවේ ජපාන ආයෝජන සඳහා නව අවස්ථා විවෘත වී ඇති බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

‘‘ ශ්‍රී ලංකාව දැන් ගමනක් ආරම්භ කර තිබෙනවා. එහිදී ජපාන ආයෝජකයන්ට ද නව අවස්ථා විවෘත වී ඇති බව කිව යුතුයි. ජපානය සහ ශ්‍රී ලංකාව අතර නිසි සහයෝගීතාවක් ගොඩනැගීම අපේ අරමුණයි. විද්‍යාව සහ තාක්ෂණයෙන් ජපානය ලබා ඇති දියුණුව ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීමට ඉවහල් වනු ඇති. දැනට මෙරට පවතින ආයතන වැඩි දියුණු කිරීමට මෙන්ම විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීම සහ නව ආයතනයක් ඇති කිරීමටත් ජපානයේ සහාය අපේක්ෂා කරනවා. මානව සුරක්ෂිතතාවට කාලගුණ වෙනසින් එල්ල වී ඇති අභියෝග ජය ගැනීමට ද එය වැදගත් වේවි. මම ජපාන පෞද්ගලික අංශයේ සියලූම ක්ෂේත්‍රවල ආයෝජකයන්ගෙන් ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස. ඒ සඳහා සුදුසු වාතාවරණයක් රට තුළ සකස් කිරීමට අප කටයුතු කරනවා. ජපානය සහ ශ්‍රී ලංකාව අතර ද්වි පාර්ශවික සබඳතා මෙන්ම අන්තර් පුද්ගල සබඳතා ද වැඩි දියුණු කිරීම අපගේ අපේක්ෂාවයි. එමගින් මෙරටට පැමිණෙන ජපාන සංචාරකයන්ගේ සංඛ්‍යාව ද ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු වනවා. ’’

ජපාන පාර්ලිමේන්තුව ඇමතීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ආරාධනා කරමින් ජපාන අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කර ඇත්තේ ඔහු ජපාන රජයේ සමීපතම මිතුරෙකු බවයි. එමෙන්ම නව රජය ජාතික සංහිදියාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙලට උපරිම සහයෝගයක් ලබාදීමට ජපානය සූදානම් බවත්, අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කර තිබෙනවා.
























Update : ලෙබනන් පිපිරීමෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට - 100කට අධික පිරිසකට තුවාල (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 21:41

ලෙබනන්හි බීරූට් නුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයන් 10 දෙනෙකුට... Read More

මීගමුව පොලීසියේදී සම්පායෝට සහ සොහොයුරාට, තේ පැන් සංග්‍රහයක් (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 20:59

බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට... Read More

කොටස් වෙළඳපොළ යළි වර්ධනයක්
Tuesday, 04 August 2020 - 20:54

කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශක අද නැවතත් වර්ධනයක් පෙන්නුම්... Read More