ගෘහ සේවයට ගොස් සෞදියේදී හිරිහැරයට ලක් වූ කතක් හිරුට කතා කරයි

Monday, 12 October 2015 - 8:48

%E0%B6%9C%E0%B7%98%E0%B7%84+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෞදියේ ගෘහ සේවයට ගොස් හාම්පුතුන්ගේ දැඩි වධ හිංසාවට ලක්ව අතරමං වී සිටින තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ත්‍රිකුණාමලය  - කන්තලේ පදිංචි නිරෝෂනී ඩයස් නමැති මෙම කාන්තාව පසුගිය දෙසැම්බර් මාසයේදී ගෘහ සේවය සඳහා සෞදිය බලා පිටත්ව ගොස් තිබෙනවා. එහිදී ඇය සේවයේ නිරත නිවසේ හාම්පුතාගෙන් විවිධ වධ හිංසා එල්ල වන බවයි සෞදියේ සිට හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් සදහන් කළේ.   

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ඇයගේ සැමියා සඳහන් කළේ තම බිරිඳගේ ගැටළුව පිළිබඳව වගකිව යුතු සියලූම ආයතන දැනුවත් කර ඇති බවයි.