ඊවා වනසුන්දර, වැඩබලන අගවිනිසුරුවරිය ලෙස දිවුරුම් දෙයි

Monday, 12 October 2015 - 15:47

%E0%B6%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%2C+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වන ඊවා වනසුන්දර වැඩබලන අගවිනිසුරුවරිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ජනාධිපති කාර්යාලයේ පැවැති දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ජනාධිපති ලේකම් බී.පී. අබේකෝන්ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. අගවිනිසුරු කේ. ශ්‍රීපවන් විදේශගතවීම හේතුවෙන් ඇය මෙලෙස වැඩබලන අගවිනිසුරුවරිය ලෙස දිවුරුම් දී තිබෙනවා.