දඹුල්ලේ කොල්ලය ගැන පොලිස් කණ්ඩායම් 3 කින් පරීක්ෂණ

Wednesday, 14 October 2015 - 15:28

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+3+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
දඹුල්ලේ පෞද්ගලික බැංකුවක සිදුවූ මුදල් කොල්ලය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් යොදා ගෙන පරීක්ෂණ සිදුකරන බව දඹුල්ල පොලිසිය ප්‍රකාශ කළා. දඹුල්ල හිරු වාර්තාකරු සඳහන් කළේ අද අදාළ පෞද්ගලික බැංකුවේ ගණුදෙනු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

පොලිසිය බැංකු කොල්ලය සම්බන්ධයෙන් වන සී.සී.ටී.වී දර්ශන මේ වනවිටත් පරීක්ෂා කරමින් සිටිනවා.

කොල්ලය සිදුකළ තැනැත්තා කුඩා මුහුණු ආවරණයක් පැළඳ සිටීම නිසා ඔහු හඳුනා ගැනීමට අපහසු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. එම පුද්ගලයා ඊයේ (13)  පෙරවරුවේ අදාළ බැංකුවෙන් රුපියල් හත්ලක්ෂ 97 දහසක මුදලක් කොල්ලකා පලාගොස් තිබුණා.