කොටකෙතන තවත් බිල්ලක් නවති - තරුණිය පුද්ගලයා දැක කෑ ගහලා

Sunday, 18 October 2015 - 17:12

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%92+-+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B7%91+%E0%B6%9C%E0%B7%84%E0%B6%BD%E0%B7%8F
කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේ මවක් සහ දියණියක් පමණක් ජීවත්වන නිවසක් අසළ සැඟව සිටි පුද්ගලයෙකු සොයා පොලීසිය ඊයේ රාත්‍රියේ දියත් කළ මෙහෙයුම අදත් ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මෙම පුද්ගලයා සොයාගැනීමට පොලීසියට හැකිවී නැහැ.

ඊයේ පස්වරුවේ මෙම අභිරහස් පුද්ගලයා දැක ඇත්තේ 62 හැවිරිදි මව සමඟ නිවසේ සිටි 29 හැවිරිදි ඇගේ දියණියයි. උඩුකය නිරාවරණය කරගනිමින් ආයුධයක් අතැතිව සිට ඇති මෙම පුද්ගලයා දුටු තරුණිය කෑගසා තිබෙනවා.  එම අවස්ථාවේදී ඔහු පළාගොස් ඇති අතර, පසුව පොලීසිය සහ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායද එක්ව ඔහු සොයා මෙහෙයුමක් ආරම්භ කළා.

සිද්ධිය වාර්තාවීමට ටික වේලාවකට පෙර කොටකෙතන ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් මෙම නිවසට පැමිණ තිබෙනවා. ඒ, නිවසේ ඇති පොලිස් පොතෙහි අත්සන් තැබීම සඳහායි. එහි අත්සන් කර ඔවුන් පිටත්ව ගොස් ටික වේලාවකට පසු මෙම සිදුවීම වාර්තාවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

කොටකෙතන ප්‍රදේශයෙන් මේ වනවිට කාන්තා ඝාතන 19 ක් වාර්තාවී ඇති අතර, අවසන් වරට එවැනි කාන්තා ඝාතනයක් වාර්තාවුණේ පසුගිය මස 28 වනදා කොටකෙතන  ඕපාතවත්ත ප්‍රදේශයෙන්. එහිදී 48 හැවිරිදි නාගම් පාපු නැමති දෙදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණා. තේ දළු නෙලන්නියක් වන ඝාතනයට ලක්වූ කාන්තාව සිය සේවය අවසන් කර නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනය කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ.