වැටුප් ගැන වෛද්‍යවරුන් යළි කතා කරයි

Wednesday, 21 October 2015 - 8:39

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩිවීම සමානුපාතිකව සිදුවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය නලින් ද හේරත් සඳහන් කළේ සිදුකිරීමට නියමිත සියලූ වැටුප් වැඩිවීම් ජාතික වැටුප් ප්‍රතිපත්තියට අනුකූලව සිදුකළ යුතු බවයි.

එම මාධ්‍ය හමුවට එක්වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවය තුළ වැටුප් විෂමතා සහ වැටුප් ප්‍රමාණයන් අඩුවීමෙන් රටේ බුද්ධිමතුන් රට හැර යාමේ පෙළඹීමක් ඇති බවයි.